BREAKING NEWS
Search

මම කැමති නෑ ෆොටෝ වීඩියෝ ශෙයා කරගන්න. මම කැමති නෑ කියලා කිව්වමත් එයා ඉල්ලනවා නම් ඒ රිලේශන් ෂිප් එක තියෙන එකක් නෑ..” – කොල්ලන්ගේ ක්‍රෂ් එක හර්ශි රසංගා

160
පුංචි තිරයේ ඔබට හුරුපුරුදු කෙල්ල.. හර්ෂි රසාංගා..

ඇය ඔබට වඩාත් සමීප වෙන්නෙ මේ දිනවල අතිශය ජනප්‍රිය “ළංවී” ටෙලි නාට්‍යයෙන්.

හර්ෂි සමාජ මාධ්‍ය තුළත් ඇගේ “ටැටූ විලාසිතා” නිසාම කතාබහට ලක්වන කෙනෙක්.

මේ තියෙන්නෙ ඇය මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ කළ කතාබහක්..

වීඩියෝ කෝල්ස් ලීක් වෙනවා කියනවනේ..? කෙල්ලෙක්ට එහෙම වුණොත්?

මම විශ්වාස කරන දෙයක් තමා, සාමාන්‍යයෙන් ගොඩක් වීඩියෝස් කෝල් ගන්නෙ ඕන වෙලාවට ඇවිත් බලන්න බැරි කෙනෙක්. හැබැයි මම හිතනවා ආදරේ කියන දේ තියෙනවා නම් රිලේශන් එක ඇතුළේ.. එයාලට ඉවසන්න පුළුවන් වෙන්න ඕනි.. මගේ ප්‍රතිපත්තියක් තිබ්බා, මම කැමති නෑ ෆොටෝ වීඩියෝ ශෙයා කරගන්න. මම දැකලා තියෙනවා පොඩි කාලේ ඉඳලා ළමයින්ට වෙලා තියෙන දේවල්. එයා මගෙන් ඉල්ලුවොත්.. එයා ගරුකරන්න දැනගන්න ඕනි මම කැමති අකැමැති දේවල්වලට. මම කැමති නෑ කියලා කිව්වමත් එයා ඉල්ලනවා නම් ඒ රිලේශන් ෂිප් එක තියෙන එකක් නෑ..

අම්මලා තාත්තාලා නිළියක් වෙනවට කැමති වුණාද?


මේක අමිමිගේ හීනයක්. මම බඩේ ඉන්නකොට අපේ අක්කිට කවන්න බැරුව අපේ අම්මි කියලා තියෙනවා, ඔන්න බලන්න එයාගේ නංගි ලොකුවෙලා නිළියක් වෙයි, එයා හොඳට කාලා කොණ්ඩේ දිගට දාලා නිළියක් වෙයි කියලා.

ජීවිතේ තරුණ පරපුරට මොනා ද කියන්න තියෙන්නෙ ?

ගොඩක් උපදෙස් දෙන්න මම දන් නෑ. මටත් අත්දැකීම් ගොඩක් නෑ. මට තියෙන අත්දැකීම්වලින් කියන්න කැමතියි, මම විශ්වාස කරන දෙයක් තමයි, අපි දන්නෙ නැතුවට අපේ කතාව ලියවිලා තියෙනවා. නමුත් ඒකට කලින් ගොඩක් අය එනවා, අපේ ජීවිතේට. එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන්. සමහර විට ගොඩක් දෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම ලයිෆ් එක කියන්නෙ ගමනක්. ඒක හරිම පරිස්සමින් යන්න ඕනි කියලා තමයි කියන්න ඕනේ.

කොල්ලෙක් නම් නාවලා පුළුවන්.. හැබැයි කෙල්ලෙක්ට එහෙම බෑ?


ඇත්තටම එතන වරද තියෙන්නෙ මිනිස්සු හිතන විදිහේ. තප්පරයෙන් තප්පරය ජීවිතේ ලියවිලා තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ. මෙයා කී දෙනෙක්ව මැරි කරනවද? කී දෙනෙක්ට ආදරේ කරනවද? ඒක අපිට වෙනස් කරන්න බෑ. ගෑනු කෙනෙක් වැරදිනම් පිරිමියාත් වැරදි. ජාති දෙකක් නෙවෙයි. දෙගොල්ලොම මිනිස්සු..
Source : Hirugossip
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *