BREAKING NEWS
Search

අධික වේගයෙන් ගිය බසය වංගුවක් ගනිද්දී දොර ගැලවී රියැදුරු එළියට විසිවෙලා

2523

අවිස්සාවේල්ල සිට මහනුවර බලා අධික වේගයෙන් ඊයේ (20) ධාවනය වූ පෞද්ගලික බස්රථයක රියදුරු අසුන පැත්තේ දොර ගැලවී රියදුරු බිමට ඇද වැටීමෙන් තුවාල ලැබීම නිසා ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වලකඩයාව වංගුව ගනිද්දී මෙම අනතුර සිදුව ඇත.

මෙම බස් රථය රියදුරු පාලනයෙන් මිදී මීටර් පනහක් පමණ දුර ගමන් කර ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක හා ලොරි රථයක ගැටී පාරෙන් ඉවතට පැන ඉවුරට හේත්තු වී තිබිණි.

යු.ආර්.ජයන්ත සේනානායක මාවනැල්ල, කෑගල්ල එම්.බී.පහලවත්ත

 

Source: Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *