BREAKING NEWS
Search

පාසල් පෙම බිඳී සිසුවා ‌ගෙල වැළලා ගනී! පුතාගේ මරණය දැක්ක තාත්තා වහ බී දිවි නසා ගනී! එක ගෙදර මළ ගෙවල් දෙකයි

779

පෙම් සබඳතාවක් මුල්කරගෙන පාසල් සිසුවෙක් ඊයේ සිය නිවසේ බාල්කයක එල්ලී  හානිකරගෙන තිබේ.

සිය පුතු ගේ නැති වීම ගැන දුකින්  පියා ද  රසායනික ද්‍රව්‍යක් පානය කර සිය දිවි හානිකරගෙන ඇත.

මෙම ශෝකජනක සිදුවීම වී ඇත්තේ කෑගල්ල රංවල ජබුන්වල ප්‍රදේශයේදී ඊයේ දිනයේ දී ය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින 17 වියැති සිසුවෙක් මෙසේ සිය දිවි හානිකරගෙන තිබේ.

සිය දිවි හානිකර ගැනීමට පෙර ඔහු විසින් ලියන ලද ලිපියක්ද පොලීසියට හමුවී ඇත.

මෙම සිසුවාගේ පියා රන්කරුවෙකි. තිදරු පියෙක් වන ඔහු පවුලේ දෙවැනියා වූ සිය පුතා සිය දිවි හානිකරගෙන සිටින අයුරුදු දැක සිත් තැවුලෙන් රන් වැඩවලට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යක් පානය කර ඇති බව පොලීසිය කියයි.

එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ 53 වැනි වියේ පසුවන අයෙකි.

Source : Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *