සිසිල් බීම ලබා දී මත්කර කෙහෙළියගේ උපදේශක හාමුදුරුවන්ගේ ලක්ෂ 72කට විද්ද තරුණිය

316

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදේශක හිමිනමක් සතුව තිබූ රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කාන්තාවක් විසින් සොරකම් කරනු ලැබ ඇති බව වාර්තා වේ.

මෙම හිමිනම පසුගිය දිනෙක කොරියාවේ සිට පැමිණෙන සිය ඥාති පුත්‍රයකු රැගෙන ඒම සදහා කටුනායක ගුවන්තොටුපොළට රියැදුරු සමග සිය රථයේ ගොස් ඇත.

කෙසේවෙතත් මෙම තරුණයා සමග ෆෙස්බුක් මගින් හදුනා ගත් තරුණියකද පැමිණ තිබේ.

නමුත් මෙම තරුණයා නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු කොට තිබී ඇති අතර එමනිසා ආගමන විගමන බලධාරීන් එම තරුණයාව ගුවන්තොටුපොළේදී රදවාගෙන ඇත.

එහිදී එම තරුණයා සතුව තිබූ රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් හිමිනම වෙත ලබා දී තිබේ.

ඒ අනුව හිමිනම අදාළ තරුණියද සමග මුදල්ද ගෙන නැවත කොළඹ බලා පැමිණීමට පිටත්ව පැමිණ දෙමටගොඩ ප්‍රදේශයෙන් තරුණියව බස්වා ඇත.

කෙසේවෙතත් පසුව හිමිනම දැක ඇත්තේ තමන් තැබූ ස්ථානයේ මුදල් නොමැති බවකි.

ඒ අනුව හිමිනම මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එහිදී අදාළ තරුණිය තමන්ට සහ රියාදුරුට සිසිල් බීම ලබා දී මත්කළ බවක් හිමිනම විසින් පොලිසියට පවසා තිබෙන බවද වාර්තතා වේ.

මේ සම්බන්ධයෙන් පොලිමිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Source : Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *