BREAKING NEWS
Search

ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

246

රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ඊයේ (16) පස්වරුවේ මුදල් කොල්ලයක් සිදුවී තිබේ. එහි පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා එලෙස මුදල් කොල්ලකා පළාගොස් ඇත.

පොලීසිය පැවසුවේ කොල්ලකරුවන් දෙදෙනා කුඩා ගිනිඅවියක් වැනි ආයුධයක් සහ පිහියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවය. එය ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක ද සටහන්වී තිබුණි.

පොලීසිය සඳහන් කළේ රුපියල් 1,158,000ක පමණ මුදලක් එලෙස කොල්ලකා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවය. පාගමනින් පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා මුදල් කොල්ලකෑමෙන් පසුවත් පාගමනින්ම බෙලෙක්කඩේ පොළ දෙසට ගමන් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Source : Adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *