BREAKING NEWS
Search

බාලවයස්කාර දැරිය දරු ප්‍රසූතියක් කරන තෙක්ම බාලිකා නිවාසය තොරතුරු සඟවලා.

609

ඌව පළාතේ පිහිටි එක්තරා බාලිකා රැඳවුම් නිවාසයක රැකවරණ ලබමින් සිටි බාලවයස්කාර දැරියක් දරුවකු ප්‍රසූත කරනතුරුම එම රැඳවුම් නිවාසයේ පාලනාධිකාරිය තොරතුරු වසන්කර ඇතැයි වාර්තා වේ.

අධිකරණ නියෝගයක් නොමැතිව සිවිල් අධීක්‍ෂණ නියෝගයකින් පමණක් මෙම දැරිය අදාළ බාලිකා නිවාසයේ රඳවා ගෙන සිට ඇති අතර ඇය දරු ප්‍රසූතියට අදාළව කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයකට හෝ අධීක්‍ෂණ වෛද්‍ය නිලධාරියකුට ඉදිරිපත් කර නොමැති බවද වාර්තා වේ.

මෙම දැරියගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම හා අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් එම රැඳවුම් නිවාසයේ පාලනාධිකාරියට හා අදාළ තොරතුරු සැඟවීමට අනුබල දුන් බලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව තතුදත්තෝ අවධාරණය කරති.

Source : දිවයින




Leave a Reply

Your email address will not be published. Required fields are marked *