BREAKING NEWS
Search

දසුන් ශානකගේ ගමන අතරමඟ නැවතූ තරුණිය

610

ආසියානු ක්රිකට් පිටියේ ආධිපත්ය පැතිරූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ඒ අභිමානය රැගෙන අද (13) දිවයිනට පැමිණියේය. ආසියාව දිනා මව්බිමට පැමිණි ඔවුන්ට කටුනායක සිට කොළඹට පැමිණෙන තෙක්ම මඟ දෙපස රැස්ව සිටි ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

අනතුරුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත පැමිණි අතර ක්රිකට්ලෝලීන් විශාල පිරිසක් එහිදී ද රැස්වී කණ්ඩායමට සුබපැතුම් එකතු කර තිබුණි. ක්රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ක්රිකට් ආයතනයෙන් පිටව යන අවස්ථාවේදී ද ක්රීඩා ලෝලීන්ගෙන් ඔවුන්ට මහත් හරසර හිමිවුණි. ශ්රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමග මෙහිදී ඡායාරූපයක් ගැනීමට උත්සහා කළ තරුණියක් බිම ඇදී වැටී තිබුණි. එහිදී සිය රථය නවතා ගත් දසුන් ඇය ගැන විමසා තිබූ අතර වාසනාවකට අනතුරෙන් ඇයට කිසිදු තුවාලයක් සිදුවී නොතිබුණි. පසුව දසුන් ඇය සමග ඡායාරූපයකට පෙනී සිටියේය

Source : Adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *