BREAKING NEWS
Search

දේශබන්දු තෙන්නකෝන්ට ගහලා තියෙන්නේ ලංකාවට අත්‍යවශ්‍යම පුද්ගලයින් දෙදෙනෙක්

198

පසුගිය මැයි මස 10 වනදා ඇති වූ සිද්ධි සිදු වූ අවස්ථාවේදී බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අතින් අල්ලගෙන ගැසූ  බවට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන් දෙදෙනා කොළඹ ක්ෂය රෝග මර්දන ලය රෝහලට අවශ්‍යම දෙදෙනෙකු බවත් ඔවුන් ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔවුන් දෙදෙනා එහි තාක්ෂණවේදීන් දෙදෙනෙකු බවත් ඔවුන් නොමැතිව සායන වසා දමා ඇති බවත් ජනාධිපති නීතිඥ වරයා මෝසමක් ගොනු කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ ඇප ඉල්ලීම සිදු කරමින් දන්වා සිටියා.

ස්වාමීනි මොවුන් මෙම සිද්ධියට සම්බන්ධ නැහැ. කොළඹ අවට සියලු රෝහල් වලින් ලය රෝහලට ලැබෙන සෙම සාම්පල එකතු කරන්නේ මොවුන්. ඒවා වැලිසර ලය රෝහලට ගෙනයන්නේ මොවුන්. දැඩි ස්වසන අපහසුතා ඇති රෝගීන්ට නිද්‍රා රෝගී සායනයේ රෝගී සත්කාර සිදු කරන්නේ මොවුන්. එම සායන වසා දැමීමට සිදු වෙලා. ක්ෂය රෝග මර්දන ලය රෝහල් තාක්ෂණ නිලධාරීන් දෙදෙනෙකු වන මොවුන්ගේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් එහි වෛද්‍ය ගෞරි ද සිල්වා මහත්මිය ලිපියකින් තහවුරු කර තිබෙනවා යැයි ලිපිය ඉදිරිපත් කරමි ජනාධිපති නීතිඥ වරයා ඔවුන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

සැකකරුවන් හදුනාගැනීමේ පෙරට්ටුව සදහා ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර ඇප ඉල්ලීම එදිනට සලකා බලන බව මහේස්ත්‍රාත් වරයා දන්වා සිටියා.

Source : Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *