ලිට්රෝ ගෑස් ජංගම දුරකතන යෙදවුම හරහා විදේශවල සිටින පුද්ගලයින්ට ඩොලර් මගින් ගෙවීම් කර, මෙරට සිටින සිය නෑ හිතමිතුරන්ට ගෑස් සපයාදීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
මේ අතර, හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල යළි පහත දැමීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.
එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල සැළකිල්ලට ගෙන මිල සූත්‍රයට අනුව මෙලෙස මිල පහත දැමීමට කටයුතු කරන බවයි.
පසුගිය අගෝස්තු මස 9 වනදා ද කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් පහත දැමීමට ලිට්රෝ සමාගම පියවර ගත් අතර ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 4,664කටයි.
Source:Hirunews


















