Search

අස්වෙන කතාව ගැන සීතා ඇත්ත කියයි

159

ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්නට අවශ්‍ය නම් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන්නට සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ ‘මව්බිම’ කළ විමසීමකදී පැවසුවා ය.

එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හෝ වෙනත් කිසිවෙකු විසින් මෙතෙක් කර නැතැයි ද ඇය කියා සිටියා ය.

කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු එන්නට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි කී ඇය, එවැනි කතාවක් පක්ෂය තුළ හෝ නැතැයි ද කීවා ය.

ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු එන බවට පැතිර යන කතාව සමාජ මාධ්‍යකරුවන් විසින් පැළ කරන ලද බොරුවක් විය යුතු යැයි ද ඇය තවදුරට ත් සඳහන් කළා ය.

Source:mawbima




Leave a Reply

Your email address will not be published. Required fields are marked *