BREAKING NEWS
Search

එයා මට තරම් එයාගෙ වයිෆ්ටවත් ආදරේ නෑ.අපි තුන්දෙනාම අසරණයි- තුන්කොන් පෙමක පැටලී අතරමං වුණු තරුණියකගේ අනුවේදනීය කතාව

1592
ආදරය කියන දෙය එක එක්කෙනා එක එක විදිහට අර්ථ දක්වන පුළුවන්. එක එක්කෙනා හොයන ආදරයත් විවිධයි. තමන්ට අවශ්‍ය ආදරය කරුණාව හොයගෙන යන්න මිනිස්සු පෙළඹෙනවා. තමන් ආදරය කළ කෙනා තමන්ගෙන් දුරස් වන විට වෙනත් පෙමක පැටළිලා ජීවිතය අවුල් කරගත් තරුණියකගේ කතාවක් මේ…

ඇය ඇගේ කතාව සමාජ මාධ්‍යයේ පල කළ තිබුණු අතර ඇගේ කතාව ඒ ආකාරයටම මෙසේ සටහන් කරන්නම්…

“මට තව මාස 4 කින් අවුරුදු 26. අවුරුදු 4 කට කලින් ගෙවල් වලට හොරෙන් engage උනා. එතකොට affair එකට මාස 6යි.
පස්සෙ ගෙවල් දෙකෙන් කතා කරල කිසිම ප්‍රශ්නයක් නැතුව හිටයා. අවුරුදු දෙකක් විතර යද්දි එයා මාව ගනන් ගන්නෙ නෑ.. කාගෙ වැරද්දකට රන්ඩු උනත් මම තමයි පස්සෙන් යන්න ඕනෙ.. හැමදාම මං අඩ අඩ කීවෙ වෙනස්කම් කරන්න එපා වෙනද වගේ ආදරෙන් ඉමු කියලා.. ඉන්නව නම් ඉන්න බැරි නම් යන්න මගෙ විදිහ වෙනස් කරගන්නෙ නෑ කියන තැන හිටියෙ එයා.. මාව බලන්න එන එක අඩු උනා කතා කරන එක mzg කරන එක අඩු උනා.. යාලුවො ගොඩක් හිටියෙ girls ලා. ඒත් මට කිසිම විදිහක වැරැද්දක් කරේ නෑ. ඒ උනාට එයා එහෙම එයාගෙ යාළුවො ලොකු කරගෙන ඉන්න එකට මන් කැමැත්තෙන් හිටියෙ නෑ මුල ඉදන්ම. ඒත් එයාව වෙනස් කරගන්න බැරි උනා මට.

ඔහොම ඉද්දි අවුරුදු ගානකට කලින් මගෙ පස්සෙන් ආව කොල්ලෙක් අහම්බෙන් හම්බෙලා කතා කරා. එයත් engage වෙලා.. එයාගෙ wife එයාලගෙ ගෙදරත් ඇවිත් නතර වෙලා ඉන්නව. එයා හැමදාම මාව බලන්න ආව. එලි වෙනව රෑ වෙනව දන්නෙ නෑ. එයාටත් මගෙන් එහාට දෙයක් තිබුනෙ නෑ.. එයා ගෙදර ගිහින් ඉන්න පැය 4/5 මට දරාගන්න බැරි උනා. එයාට එයාගෙ wife එක්ක ඉන්න කියලා affair එක නතර කරන්න හදපුවහම එයා ගෙදර ගිහින් කීවා මං ගැන.. පස්සෙ එයාලගෙ ගෙදරින් මට call ගන්නව බයිනවා.. දවස ගානේම ඔය ටික. මන් කොච්චර හැදුවත් නතර කර ගන්න බැරි උනා..

ඔහොම ඉද්දි මන් engage වෙලා හිටපු කෙනා තරමක් දුරට ලොකු සීන් අඩු කරගෙන. මං වෙනද වගේ පස්සෙන් ගිය නැති නිසා වෙන්න ඇති.. මාව බලන්න යන්න එන්න ගත්තා.. ඒකට අරය කැමති උනේ නෑ. මගෙ husbandta කීව අපි දෙන්නගෙ affair එකක් තියෙනවා කියලා.

කොච්චර එපා කීවත් අරය මාව බලන්න එන එක නැවැත්තුවෙ නෑ. දවසක් එපා කියද්දි ආව නිස එයාගෙ wife ට cl කරල මම කීව ඇවිත් එක්ක යන්න කියලා. මොනව කරත් තේරුමක් නැති වුනා. මොන ප්‍රශ්න තිබුනත් අපි දෙන්නට අපි දෙන්න නැතුව ඉන්න බැරි උනා.. එයාගෙ wife එක්ක ඉන්න එකත් නතර කරා. දැන් අවුරුද්දක් විතර. අඩුම 4න් එකේ password එකවත් දන්නෑ අදටත්. එයා හොදටම දන්නවා අපි දෙන්න තාම කතා කරනව අපේ ගෙදර යනව එනව කියල. අපේ ගෙදරින් දන්නෑ මෙයා මැරි කර්පු කෙනෙක් කියල. මගෙ වැඩ වලටත් ගෙදර වැඩවලටත් උදව් කරන් හිටිය. අපි දෙන්නගෙ affair එකට අවුරුදු 1 1/2ක්. හැමදේම ඉවසගෙන එයාගෙ වයිෆ් හිටිය. මගෙ ඉස්සරහම දෙතුන් පාරක් කීව ගෙදරින් යන්න කියල.. රන්ඩු කර කර ඒ ගෙදරම හිටියා.

කොල්ලගෙ අම්ම රට ඉදන් ඇවිත්. එයා මුල ඉදන්ම මට කිය කිය හිටියෙ ආපුවහම මන් ගැන බලාගන්නම් කියල. මාව හොයන් තාම ආවෙ නෑ. ඒ උනාට කොල්ලත් වෙනස් උනා හිතුවෙවත් නැති විදිහට. එයා කියන්නෙ අම්ම මාව හොයන් ඇවිත් රන්ඩු කරොත් මට ලැජ්ජ වෙන්න වෙයි ඒ නිසා දැන්වත් ඔලුව කල්පනා කරල ඉමු කවදාවත් අම්මලා මාව බදින්න වෙන්නෙ නෑ කියලා. එහෙම කීවට එයා දවසට එක පාරක් හරි කතා කරනවා.

මගෙ කලින් husbandta දැන් ගැනු ළමයෙක්  ඉන්නවා. මෙයත් මාව ටික ටික මගාරිනව. හැමදේකදිම හෙවනැල්ල වගේ පස්සෙන් ඉදලා මෙහෙම වෙද්දි දරාගන්න අමාරුයි. ගෙදරට කියන්න දෙයක් නෑ. යාලුවන්ට මූන දෙන්න විදිහක් නෑ. මොන දේ උනත් දාලා යන්නෙ නෑ කියල ලොකු විශ්වාසයක් ඇති කරල අපේ ගෙදරටත් කියල මෙහෙම දෙයක් උනහම ගොඩක් කඩන් වැටෙනව. 

මං දන්නව එයා මට තරම් එයාගෙ wifටවත් ආදරේ නෑ. ඒක එයාගෙ වයිෆුත් දන්නව. අපි 3 ම අසරනයි. ඒ දෙන්න හරි සතුටින් ඉදි කියල හිත හදාගන්න හැදුවට ටික වෙලාවයි ඉන්න පුලුවන්. අයෙ කාවවත්ම විශ්වාස කරන්න බෑ.

හැමෝම මුලදි පන දෙන්න වගේ ඉදලා ටික කාලයක් යනකොට වෙනස් වෙනවා. මෙතනදි මං වැරදි ඇති එත් මං හෙව්වෙ ආදරේ. මට මගෙ හිත හදාගන්න ඕනෙ. හිටියට වඩා හොදට ජීවත් වෙන්න ඕනෙ.”

Source: Hirugossip



Leave a Reply

Your email address will not be published. Required fields are marked *