අද උදැසන මෝටර් රථයක් වේගයෙන් විත් දරුවන් 6 දෙනෙකු සහ දෙමව්පියන කිහිප දෙනෙක් යට කර පලා යෑමට තැත් කල අවස්ථාවේ ගම්වාසින් විසින් අල්ලාගෙන තිබෙනවා.
රියදුරුට නින්ද ගොස් මෙම අනතුර සිදුවන්න ඇති බව සැක පහල කරනවා.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු සමග රියදුරාගේ මව යයි සැක පහල කරන අයෙක්ද රථයේ සිට තිබෙනවා.
මහව මහගොල්ලා ගම පාසල් බසයට නැගීමට සිටි දරුවන් පිරිසක් සහ මව්වරුන් දෙදෙනක් මෙලෙස අනතුරට ලක් ව ඇත.
තුවාල ලැබූ දරුවන් දෙදෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ. ඔවුන් මහව රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යවා ඇති අතර රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.



















