BREAKING NEWS
Search

දෙවන විවාහ සංවත්සරය සමරන ලංකාවේ ආදරණියම කපල් එක

196

කලා ලෝකයේ සොඳුරු ආදරවන්තයින්, සොඳුරු යුවළ අතර සාරංග දිනක්ෂි දෙපළ ඉදිරියෙන්ම සිටිනවා. දෙන්නගෙ දෙවෙනි විවාහ සංවත්සරයත් එළඹිලා තියෙන්නෙ. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන සුබපැතුම් රැසයි. මේ එලෙස ලැබෙන සුබපැතුම් අතර දයාන් විතාරණයන් තැබූ සුබපැතුමයි. ඊට ඔහු අපූරු රූ එකතුවක්ද එකතු කරගෙන තිබුණා

“සාරංගටත් දිනක්ෂිටත් සොඳුරු දෙවැනි විවාහ සංවත්සරයට සුබාසිරි. මෑතකදී ටෙලිනාට්‍ය යුගයක් බිහිකළ තරු සංකලනයන් අතර මුදුන්පත් සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් යුවළ අතිනත ගෙන ඊයේ දිනයට දෙවසරක් සම්පූර්ණ විය.2020 වසරේ ඊයේ වැනි දිනයක පැවැත්වුණු එම උත්සවයට තරු පිරිවරා පැමිණි බොහෝ දෙනා ද එදින මගේ ඡායාරූප අතර රැඳුණි. ඉන්පසුව සහ ඉන් පෙර ද ඔවුන් නොයෙක් අවස්ථාවන්හි මගේ කැමරා කාචයේ නිසල වූ අතර ආසන්නතම වශයෙන් ඔවුන්ගේ කුළුඳුල් දියණිය සාරණ්‍යා ද සමගින් මට ඔවුන් දෙදෙනාම අසේඛා – ජනික් විවාහ උත්සවයේ මුණගැසුණි. ඉකුත් වසරේ අවසන පැවැත්වුණු බුද්ධික සේමසිංහගේ විවාහයේත් මේ වසරේ මුල පැවැත්වුණු අකාශ් පුතුගේ නව නිවහනට ගෙවැදීමේ උත්සවයේ ද මා විසින් ගත් ඔහුගේ නවතම ඡායාරූප රැසක් මේ සමගින් ඔවුන් දෙදෙනා හට තිළිණ කරන්නෙමි. තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් තවත් බොහෝ කාලයක් යෙහෙන් වැජඹෙන්නට ඔහුට සුබාසිරි ගෙනෙමි !!!

Source:saaravita




Leave a Reply

Your email address will not be published. Required fields are marked *