අඹ ගෙඩි තුනක් මිලියනයකට මිල දී ගත් දරුවාගේ ඇත්ත කතාව මෙන්න

151

වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ 21 වැනිදා රාත්‍රියේ පැවති තිරුවිලා දේව මෙහෙය උත්සව අවස්ථාව අතරතුරදී පැවති වෙන්දේසියකදී අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වු බව කෝවිල් පාලක සභාව පවසයි.

ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ දෙවියන් වෙනුවෙන් යාඥා කොට පූජාකරමින් දේවමෙහෙයන් පැවත්වීමෙන් අනතුරුව පැවති වෙන්දේසියේදී වේන්දේසි භාණ්ඩ අතර තිබූ අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් එලෙස රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා.

ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි සබරිරාජන් නමැති දරුවෙකු විසින් අදාළ මුදල වෙන්දේසියේදී ඉල්ලීම් කොට ඇති අතර, අදාළ දරුවාගේ දෙමාපියන් හා විදේශගත ඥාතීන් විසින් වෙන්දේසියේදී අඹ ගෙඩි තුන වෙත රුපියල් ලක්ෂ 10 ක ලන්සුව තබා තිබෙනවා.

ලන්සුව වෙනුවෙන් ලැබුනු රුපියල් ලක්ෂ 10 ක මුදල කෝවිලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදාගන්නා බවටද කෝවිල් පාලකසභාව පැවසුවා.

පසුව වෙන්දේසියේදී අඹ ගෙඩි තුන සහ මල්මාලය රුපියල් ලක්ෂ 10 කට ලබාගත් දරුවා වෙනුවෙන් කෝවිලේ පාලක සභාව විසින් ගරු කිරීමක් හා සෙත්ශාන්ති සිදුකළ බවටද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසුවා.

Source:asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *