නිසි පෝෂණය නොලද විට කැකුලු මල් මැලවෙයි
මේ මල් කැකුල උදෑසන පන්ති කාමරය තුළ වැඩ කරමින් සිටියදීම ඩෙස්ක් එක මත වැටී නිදාගත්තේ කුසගින්න දරාගත නොහැකිවය.
ආහාර ලබාදුන් විගස මල් කැකුල හිනැහුණි.දරුවාගේ වැඩිමහල් සොයුරියගෙන් තොරතුරු විමසා බැලීමේදී දරුවන් පෙර දිනයේ සවස 6.00 ට පමණ රාත්රි ආහාරය ගෙන ඇත. පසුදා උදෑසන තේ කහට ටිකක්වත් නොමැතිව පාසලට පැමිණි ඔවුන්ගේ බෑගයේ තිබූ දිවා ආහාරය ද දරුවෙකුට පෝෂණය ලබාදෙන්නක් නොවීය.
වර්තමානයේ බොහෝමයක් පාසල්වල ගුරුවරුන්ට මෙවැනි අත්දැකීම් බහුලය. කුඩා දරුවන්ගේ මුවින් “බඩගිනියි ” යන වචනය කියවුණත් වැඩිහිටි දරුවන් එය නොකියයි.
එහෙත් උදෑසන රැස්වීමක සිටගත් පමණින් නොකියන වදන් ක්ලාන්ත වීමකට හැරෙයි.
දෙමව්පියෝ දරුවන් පෝෂණය කිරීමට දනිති.
එහෙත් වර්තමානයේ එය කරන්නේ කෙසේද යන්න ඔවුන්ට ගැටලුවකි. දරුවන්ගේ බත් පතට එක් කළ හැකි පෝෂ්යදායක ආහාර වල මිල ගණන් දිනෙන් දින ඉහළ යයි.
ටොට්ටෝ චං ඉගෙනුම ලද ජපන් පාසල වන “හරි පුදුම ඉස්කෝලේ ” සොසාකු කොබයාෂි මුල් ගුරුතුමා පැවසූ ලෙස පාසලට එවන දරුවාගේ දිවා ආහාර පතට
” මුහුදෙන් යමක් සහ කන්දෙන් යමක්”
එක් කරන්නට නම් ශ්රීලංකාවේ දෙමාපියන්ට තම ජීවිතයද උගසට තැබීමට සිදුවේ.
(උපුටාගැනීම – නිලානි ගමගේ fb )



















