BREAKING NEWS
Search

රටේ මූලික ප්‍රශ්න විසඳීමට ජනපති සමත් වුණා

163

ගෑස් සහ ඉන්ධන ප්‍රශ්නය විසඳා රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වලට කඩිනම් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (22) පැවසීය.

රටේ සෙසු ආර්ථික ප්‍රශ්න කඩිනමින් විසඳා රට ශක්තිමත්ව ගොඩ නැගීමට අවශ්‍ය වැඩපිළිවෙල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රට ගොඩනැගීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපතිවරයා මේ වන විට පක්ෂ විපක්ෂ සියළු දෙනාට ආරාධනා කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පැමිණෙන දේශපාලන නියෝජිතයන් ධනාත්මකව  අදහස් දක්වා එළියට ගොස් එය විවේචනය කරන බවත් අබේගුණවර්ධන මහතා පැවසීය.

රටේ පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්වී වැඩ කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති බැවින් පක්ෂ විපක්ෂ භේද පසෙකලා සියලු දෙනාම එක්වී වැඩ කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.

Source:Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *