BREAKING NEWS
Search

පෙම්වතියගේ හොර අල්ලන්න බුර්කාවකින් සැරසුණු පෙම්වතාට ගාල්ලේ දී වුනු අකරතැබ්බය

217

බුර්කාවකින් සැරසී සිටි තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ දී දුම්රිය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල  තරුණයා අද (19) උදෑසන මෙලෙස අත්දන්ගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත භාර දී ඇති බවයි වත වුණේ.

අදාල තරුණයා කොළඹ බලා යාමට දුම්ර්ය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් මිලදි ගෙන ඇති එහිදී ඔහුගේ කටහඬ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ආරක්ෂක නිලධාරින් ඔහුව පරික්ෂාකර තිබෙනවා.

පසුවම් මෙලෙස කාන්තා ඇඳුමෙන් සැරසී සිටිනේ තරුණයෙකු බවට හඳුනාගත් ආරක්ෂක අංශ ඔහුව පොලිසියට භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව ඌහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ තමාගේ පෙම්වතිය වෙනත් තරුණයෙක් සමඟ සම්බන්ධයක්
පවත්වන බවටත්, ඔවුන් ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන බවටත් ලද තොරතුරක් අනුව ඔවුන්ව හසුකර ගැනීමට මෙලෙස කාන්තා ඇඳුමකින් සැරසී පැමිණි බවයි.

මෙලෙස සැරසී ආ කාන්තා ඇඳුම ඔහුගේ මවගේ ඇඳුමක් බවටත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

24 හැවිරිදි වියේ පසු වූ අදාල තරුණයා ඔහුගේ දෙමව්පියන් පොලිසියට කැඳවා ඔවුන් වෙත භාරදීමට කටයතු කළ බව පොලිසිය පැවසුවා.

Source:dasathalanka




Leave a Reply

Your email address will not be published. Required fields are marked *