BREAKING NEWS
Search

ගෝඨාභයට ඕන වෙලාවක ඇවිත් යන්න කිසි ම බාධාවක් නෑ – අලි සබ්රි

155

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ලබන සතියේ නැවත දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි විදේශ මාධ්‍යය වෙත අනාවරණය කර ඇතැ යි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට අලි සබ්රි CNN පුවත් සේවය සමඟ පවසා ඇති බව යි වාර්තා වන්නේ..

CNN පුවත් සේවය සමඟ විදේශ අමාත්‍යවරයා, ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම සම්බන්ධ ව වැඩිදුරටත් පවසා ඇත්තේ “නැවත පැමිණීමේ දී නිල වශයෙන් අපට කිසිදු කාර්යභාරයක් නෑ. ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන අතර, ඔහුට අවශ්‍ය පරිදි ගමන් කළ හැකියි,” යනුවෙන්.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *