BREAKING NEWS
Search

ළඟදිම කුළුදුලේ ම තාත්තා කෙනෙක් වෙන්න බලන් ඉන්න චිලී ට පුතෙක්

306

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය වගේම කඩවසම් ගායන ශිල්පියෙක් තමයි චිලී තිලංක කියලා කියන්නේ. ඉතින් ඔහු ගායන කල ගීත අතර හීන තටාකෙක, ඔබගෙන් තරම්, ලා රෝස, ටියුලිප් මල් කැකුලි වැනි ගීත අදටත් අපේ රටේ ජනප්‍රිය බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේම අවුරුදු 14ක අදර කතාවකට පස්සේ මීට මාස කිහිපයකට ඉහතදී චිලී කොලඹ තරු හෝටලයකදී අති උත්කර්ෂවත් අයුරින් විවාහ වුනු පුවත අපි ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතක ඇති.

ඉතින් ඔහුගේ අතගත් සුරූපී තරුණිය තමයි රියිනි ඉමාෂා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. කොහොම නමුත් ඉතාලියේ ජීවත් වුනු ඇය චිලී නිසා තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ අලුත බැඳපු යුවල උතුම් මව් පිය පදවියට සුදානම් වන බවත් දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ඒ වගේම චිලීට ඇයව මුණ ගැහිලා තියෙන්නේ ඔහු ක්ෂේත්‍රයට ආවට පස්සේ කියලයි චිලී කියන්නේ. ඒ වගේම චිලීගේ පළමු ගීතයේ ඉදන්ම ඇය ඔහුගේ හොඳම රසිකාවියක් කියලත් චිලී කියනවා.

ඉතින් ඇය චිලීගේ පෙනුමට කැමති වෙලා ඔහුව අඳුර ගන්න හිතාගෙන චිලී එක්ක චැට් කරාලු. නමුත් මුලින්ම ඔවුන් දෙන්නගේ යාළු කමක් විතරයි තිබිලා තියෙන්නේ. ඉතින් ඇය ලංකාවට ආවට පස්සේ ඔවුන් දෙන්නා හම්බවෙලා කතා කරලා හොඳින් අඳුර ගත්තාලු. ඉතින් ඒ වගේම ආදරයයි විවාහයයි කියන්නේ දෙකක් කියලත් චිලී කියනවා. ඉතින් විවාහය කියන්නේ ඔවුන් දෙන්නට නීතිමය බැඳීමක් විතරයිලු. ඉතින් ඒ නිසා දෙන්නම විවාහය ගැන ලොකුවට තැකීමක් කලේ නැහැ කියලත් ඔහු පවසනවා. කොහොම නමුත් මේ ආදරණීය යුවල ඉක්මනින්ම විවාහ වුනෙත් දරුවෙක් හදන්න ඕන නිසා කියලයි චිලී නම් කියන්නේ.

ඉතින් ඒ වගේම බොහෝ දෙනෙක් අසාවෙන් බලාගෙන හිටියා චිලිගේ ආදරණීය බිරිඳට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්න. ඉතින් පහුගිය දවසක අපූරු උත්සවයක් පවත්වලා චිලීගේ ආදරණීය බිරිඳට ලැබෙන්න ඉන්නේ පුතෙක් බව හැමෝටම පවසලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ උතුම් මව් පදවියට ළඟ ලෑස්ති වෙන චිලීගේ ආදරණීය බිරිඳටත් පුංචි පැටියටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් මේ ආදරණීය යුවලට අපි හදවතින්ම සුබ පැතුම් එකතු කරමු.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *