BREAKING NEWS
Search

අපි හරි ආසයි හනිමුන් බේබි කෙනෙක් බලන්න. කල්දාන්න එපා ඒකට මහන්සි වෙලා වැඩ කරන්න-නලින් පෙරේරා දුවගෙ වෙඩින් එක දවසේ මනමාලයාට කියපු කතාව

1008
මේරියන්ස් කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ දියණිය ස්වේතා පෙරේරා පසුගියදා විවාහ වුණු බව දැන් නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඇයගේ අතිනත ගත් මනාලයා රනිත් දිමිත්‍ර.

විවාහ උත්සවයේ විවිධ ඡායාරූප සහ වීඩියෝපට මේ වෙද්දි සමාජ මාධ්‍යවල සැරිසරනවා. එතැනින් එක් වීඩියෝ පටයක් සුවිශේෂීයි. ඒ නලින් ඇයගේ දියනිය වෙනුවෙන් කරන සුවිශේෂී කතාව. ඔහු එය කියන්නේ තමන්ගේ ගීතයකට නව යුවල කරන නර්ථනයකින් පසුව. විශේෂත්වය වෙන්නේ දියණියව ඇගේ සැමියාට වඩාගෙන එම ගීතය අවසන් වනතුරු සිටීමට ඔහු ඉල්ලා සිටීමයි.

පහත දැක්වෙන්නේ ඒ කතාවයි…

“රනිත් ම්ම ඔයාට දුවව බිමින් තියන්න කිව්වේ නැත්තෙ ඉවර වෙනකං ඔයාට ඒ බර දැනෙන්න. අදින් පස්සේ පුතේ ඔයගේ ජීවිතේ තියෙන එකම සහ ලොකුම බර මේ කෙල්ල තමයි. අමතක කරන්න එපා මේ දුවගෙ බරට සමාන බරක් තව තියෙනවා. ඒ මගේ හදවත. ඔයා දන්නවා මම ඔයාට කියලා තියෙන දේවල්. මම දන්නවා ඔයා ඒක කරන බව.

ඒ වගේම අමතක කරන්න එපා මේ සින්දුවේ අන්තිම වචන පේළිය “පිට පිට දරු සම්පත් ලබන්න”. මොකද ඔය දෙන්නාටම ලස්සන අම්මලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා බලාගෙන ඉන්නේ දරුවො හදන්න. එයාලා ඇවිල්ලා සපෝර්ට් කරන්න. අපි හරි ආසයි හනිමුන් බේබි කෙනෙක් බලන්න. කල්දාන්න එපා ඒකට මහන්සි වෙලා වැඩ කරන්න. ඕස්ට්‍රේලියා ගියාට කමකි නැහැ. මේ දවස්වල එහෙ සීතලයි. වැඩේ හොඳට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපිට ඕනේ හනිමුන් බේබි කෙනෙක් බලන්න…”

Source:Hirugossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *