BREAKING NEWS
Search

වගා හානි අවම කර ගැනීමට දඬුලේනා අයින් කර අලුත් සතෙක් ‘ජාතික සත්ත්වයා’ කිරීමේ සූදානමක්- කැකිල්ලේ තීන්දුවක්?

14901

දඬුලේනා ජාතික සත්වයා ලෙස නම් කිරීම හේතුවෙන්, වගා හානි අවම කර ගැනීමට නීත්‍යානුකූල කිසිදු පියවරක් ගත නොහැකි බව වනජීවී හා වන සම්පත් අමාත්‍යංශය පවසනවා.

ඔවුන් පවසන්නේ ඒ හේතුවෙන් ජාතික සත්ත්වයා වෙනුවට වෙනත් සත්ත්වයෙක් නම් කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවයි.

මේ වන විට භෝග වගාවන්ට වැඩි ම හානි සිදුකරන සත්ත්වයන් දෙදෙනා වන්නේ මොනරා හා දඬුලේනා බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊයේ (10) පැවති සාකච්ඡාවකදී හෙළි වූ බවත් පොල් හා කොකෝවා ඵලදාවෙන් විශාල ප්‍රතිශතයක් දඬුලේනා අතින් විනාශ වන බව ද සාකච්ඡා වී තිබෙනවා.

මෙවැනි කාරණා හේතුකොටගෙන ජාතික සත්වයා ලෙස නම් කර ඇති දඬුලේනා ඉන් ඉවත් කොට ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී යන සත්ත්වයෙකු ජාතික සත්වයා ලෙස නම් කිරීමට කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *