BREAKING NEWS
Search

චීනයේ ලොකුම සමාගමත් ලංකාවේ තෙල් ‌බෙදන්න එයි

400

ලංකා අයි ඕ සී සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමට විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙනවා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් 200 කට වැඩි ප්‍රමාණයක් ඒ වන විටත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මකයි.

මේ අතර චීනයේ විශාලතම ඉන්ධන සමාගම වන සිනොපෙක් සමාගම ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳපොළ වෙත ඉන්ධන ආනයන, බෙදාහැරීමේ සහ අලෙවි කර්මාන්තය වෙනුවෙන් පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වනවා.

Belt & Road Lanka (Private) Limited විසින් ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාවේ තෙල් සැපයුම් 90% රජය විසින්ද ඉතිරි 10% ඉන්දීය තෙල් සමාගමෙන්ද සිදුකරනු ලබයි.

මේ වන විට චීන සමාගම් විසින් හම්බන්තොට වරාය පරිශ්‍රයේ තෙල් ගබඩාවක්ද ඉදි කරමින් පවතින බව වාර්තා වනවා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *