BREAKING NEWS
Search

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනපතිගේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයෙන් ආසිරි

360

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට පූර්ණ ආශිර්වාදය පළ කරන බව මහා සංඝරත්නය පවසනවා.

ජනාධිපතිවරයා ඊයේ (05) පස්වරුවේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ මූලස්ථානය වෙත ගොස් මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදියි මේ බව සඳහන් කෙරුණේ.

එම අවස්ථාවට වැඩම කර සිටී මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ රාමඤ්ඤ මහා නිකායේ හිමිවරු දැනුවත් කළ ජනාධිපතිවරයා “සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ රජය මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර ඇති බවයි අවධාරණය කළේ.

එම සාකච්ඡා සාර්ථක බවත් ඒ අතර විවිධ මත දරණ කණ්ඩායම් හා විවිධ දක්ෂතා ඇති පිරිස් සිටින බවයි මහ සංඝරත්නය හමුවේ පැවසුවේ.

සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වන බවත් එම සාකච්ඡා මගින් වැඩි මතයට ඉඩක් දී නිවැරදි වැඩපිළිවෙළක් රට වෙනුවෙන් ඉදිරිපත් කිරීම අරමුණ බවයි වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය කෙරෙහි අද රටේ ජනතාව විශ්වාස තබා ඇති බව මෙහිදී සඳහන් කළ මහා සංඝරත්නය, එම විශ්වාසය
තහවුරු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

Source:Hirunews

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *