BREAKING NEWS
Search

ගුවන් ගමන මගහැරුණු කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම නැවතත් තරගාවලියට

256

කනිෂ්ඨ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම කොලොම්බියාවට යැවීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

අදාළ ට්විටර් පණිවිඩය නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, “වීසා සහ ප්‍රවේශපත්‍ර ගැටලු හේතුවෙන් කණ්ඩායමට කොලොම්බියාවේ ‘කැලි’ වෙත යාමට නො හැකි වූ බවට කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ දෙමාපියකුගෙන් ලැබුණු ඇමතුමක් නිසා, නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් රොෂාන් රණසිංහ ඇමැතිතුමාත් මමත් ඉතා අසීරුවෙන් කණ්ඩායම නියමිත වේලාවට පිටත් කර යැවීමට කටයුතු සම්පාදනය කළා” යනුවෙන්.

කෙසේ නමුත් මෙම මෙම ක්‍රීඩකයන් පිරිසට ගුවන් ටිකට්පත් ලබාදීමට නිලධාරීන් අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පරිදි ශූරතාවලියට යාමට නො හැකි වුණා.

ඊට විරෝධය පාමින් ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම සහ ඔවුන්ගේ දෙමාපියන් ඊයේ(29) රාත්‍රියේ ටොරින්ටන්හි රැය පහන් කළා.

කෙසේ නමුත් මෙම ක්‍රීඩකයන්ට අදාළ තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය අනුමැතිය සහ මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබුණත්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට පැවරී තිබුණ එක ම වගකීම වූ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කර දීමේ කාර්ය නිසි පරිදි ඉටුකිරීමට අපොහොසත් ව තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ, “කොලොම්බියාවට යාමට ගුවන් යානයක් අල්ලා ගැනීමට තවමත් අරගල කරන ළමයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ගැන මම දන්නවා. මෙම දරුවන්ට ගුවන් ටිකට්පත් ලබාදීමට මගේ අනුමැතිය තිබියදීත් සම්මේලනය හෝ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම දරුවන්ට පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගෙන තිබීම ගැන මම දැඩි කලකිරීමකට පත්ව සිටිනවා.” යනුවෙන්.

කෙසේ නමුත් අදාළ සිදුවීමෙන් අනතුරුව, විශේෂ හේතු හැර සංගම් ප්‍රධානීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් යලි තරගාවලි නියෝජනය කිරීම වහා නවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා බලධාරීන්ට නියෝග කර තිබෙනවා.

(අමාත්‍යවරුන් නිකුත් කළ ට්විටර් පණිවිඩ පහතින්)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *