BREAKING NEWS
Search

ලංකාවේම ප්‍රශ්න විසදන්න පුළුවන් තරම් සල්ලි හම්බ වෙන ලොතරැයිය

189

ඇමරිකාවේ ප්‍රධානම ලොතරැයියක්වන   මෙගා මිලියන් ජැක්පොට් ලොතරැයියේ අද දිනයේ  දිනුම් ඇදෙන ත්‍යාග මුදල ඩොලර් බිලියන 1.28ක් වන බව එම ලොතරැයි වෙබ් අඩවිය උපුටා දක්වන සී.එන්.එන් සඳහන් කරයි.

එම ත්‍යාග මුදල මෙගා මිලියන් ජැක්පොට් විසි වසරක ලොතරැයි තරග ඉතිහාසයේ දෙවන විශාලතම ත්‍යාග මුදල වන අතර ඇමරිකානු ලොතරැයි ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල වේ.

මෙම මුදල් ප්‍රමාණය  ශ්‍රී ලංකාවේ  දැනට පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලන ණය ප්‍රමාණයෙන් සියයට 25කි. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලනේ ණය ලැබෙන තෙක්  මාස තුනක් සඳහා අත්‍යාවශ්‍ය ආනයන සිදුකිරීමට ප්‍රමාණවත් මුදලකි.

ඇමරිකානු ලොතරැයි ඉතිහාසයේ  මෙතෙක් දිනාගත්   විශාලතම ත්‍යාග මුදල වන්නේ ඩොලර් බිලියන 1.586කි. එය 2016 වසරේ දී   ප්‍රාන්ත තුනක ජයග්‍රායකයින් 3ක් අතර බෙදී ගොස් තිබිණි.

ඇමරිකානු ලොතරැයි ඉතිහාසයේ සහ මෙගා මිලියන් ජැක්පොට් ඉතිහාසයේ තනි පුද්ගලයෙක් විසින් දිනාගන්නා ලද  ඉහළම මුදල වන්නේ ඩොලර් බිලියන 1.537කි. එම ත්‍යාගය ඇමරිකාවේ සවුත් කැරොලිනා හි පුද්ගලයෙකුට හිමි වී ඇත.

Source:lankasara




Leave a Reply

Your email address will not be published. Required fields are marked *