BREAKING NEWS
Search

රනිල් දිනපු සතුටට නාමල්ගේ ගෙදර පාන්දර 3 වෙනකම් ග්‍රෑන්ඩ් පාටියක්

269

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණු දින රාත්‍රියේ නාමල් රාජපක්ෂ මහතාගේ ‌නිවසේ දැවැන්ත රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව වාර්තා වේ.

මේ සදහා නාමල් රාජපක්ෂ මහතා විසින් පොහොට්ටුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කොට ඇත.

ඒ අනුව ඊට මන්ත්‍රීවරු 137 ‌දෙනෙක් සහභාගී වී සිට ඇති බව දැනගන්නට තිබේ.

අලුයම 3 පමණ වනතෙක් පැවැති මෙම භෝජන සංග්‍රහයට ප්‍රණීත රසමසවුලු මෙන්ම මධුවිතද නොඅඩුව තිබී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කරන බව ප්‍රසිද්ධියේම කියා සිටි ප්‍රේම්නාත් දොලවත්ත මහතාද ඊට එක්ව සිටි බව දැනගන්නට ඇත.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *