BREAKING NEWS
Search

කැබිනට්ටුව අද දිව්රුම් දෙයි. මුදල් ඇමැති ධූරය ජනපතිටම?

320

නව කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය.

ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ නව රජයේ මුදල් අමාත්‍ය ධූරය බොහෝ දුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම දරනු ඇති බවකි.

ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දිගින් දිගටම කටයුතු කිරීමට සිදුවීමත්, පවතින ආර්ථික අර්බූදයත් මත මෙසේ මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින්ම දරනු ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

කෙටි කාලයක් සදහා මෙසේ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය ධූරය දරනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *