BREAKING NEWS
Search

අරලියගහ මන්දිරයේදී දෙපිරිසක් ගැටුමක්. 10 ක් ජාතික රෝහලට

482

අරලියගහ මන්දිරයේදී දෙපිරිසක් අතර අද (12) අලුයම ගැටුමක් හටගෙන තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ කාන්තාවක ඇතුළු 10 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි, වාර්තා වේ.

අරලියගහ මැදුරේ අද අලුයම ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තුවාල ලැබූවන් අතර කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු සිටින බවයි.

අදාළ පිරිස ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ, අද අලුයම 2.45 ට පමණයි.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *