BREAKING NEWS
Search

ජනපති මැදුරෙන් මතු වූ කෝටි ගණනක නෝට්ටු-රුපියල් 5000 නෝට්ටු ගණනය කිරීමේ වීඩියෝ සහිතයි

539

පවතින රජයට වහාම ඉවත්වන ලෙසට  ඊයේ (09) දිවයින පුරා ම ජනතාව වීදි බැස අරගල සිදු කරමින්, කොළඹ ගාලුමුවදොර දක්වා පැමිණීමට කටයුතු කළා.

පසුව ඔවුන් විසින් පොලිස් මාර්ග බාධක බිඳ දමමින්, කොටුව ජනාධිපති මන්දිරයට ඇතුල්වූයේ එක් නිමේෂයකින්.

එයට ඇතුල් වූ මහජනයා මන්දිරයේ ඔබ මොබ සැරිසරමින්, සතුටු සාමිච්චියේ යෙදෙන අයුරු ද දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වුණා.

ජනපති මැදුරේ පිහිනුම් තටාකයට බැස ඇතැමුන් ජල ස්නානය කළ අතර, තවත් පිරිසක් ජනපති මැදුරේ මුළුතැන්ගෙට ඇතුල් වී ආහාරපාන පිසින ආකාරය ද වාර්තා වුණා.

මේ අතර, ජනපති මන්දිරයේ තිබී රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් සොයාගැනීමට ජන අරගලකරුවන්ට හැකිවී තිබෙනවා.

ඔවුන් මිටි මෙන් බැඳ තිබූ රුපියල් 5000 නෝට්ටු එකිනෙක ගණනය කිරීමේ කටයුතුවල යෙදුණු ආකාරය ද දක්නට ලැබුණා.

Source:Hirunews 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *