BREAKING NEWS
Search

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ

346

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර 02 වන සහ අවසන් ටෙස්ට් තරගය අද (08) පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද දිනයේ සංචිතය සකසා ගැනීමේ අර්බුදයක් පවතින බවටයි වාර්තා වන්නේ.

මේ වනවිට සිදු කර ඇති කොරෝනා පරීක්ෂණවලින් ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම සහ ඇන්ජලෝ මැතිව්ස් යන ක්‍රීඩකයන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර ඔහු අද තරගයට සහභාගී වන කණ්ඩායමේ තේරිම් සඳහා සළකා බැලීමට නියමිතයි.

මෙවන් පසුබිමක ලක්ෂාන් සඳකැන් සහ ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමටයි ශ්‍රි ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *