BREAKING NEWS
Search

දුම්රිය සේවකයින්ට ඉන්ධන නැහැ- දුම්රිය ධාවනය අඩාලයි

287

අද (06) උදෑසන දුම්රිය ධාවනයේ යම් අඩුවක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි ‍සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, අද උදෑසන ධාවනය කිරීමට නියමිත කාර්යාලීය දුම්රිය 50 න් ධාවනය කිරීමට හැක්වන්නේ දුම්රිය 26 ක් පමණක් බවයි.

වෙන් කළ ආසන සහිත දුරගමන් සේවා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සැලසුම් කළ බව ඔහු පැවසී ය.

මීට අමතරව කෙටි දුර ධාවනය වන දුම්රිය ධාවනයට ද බාධා මතුව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රිය නියාමකවරුන් රැසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සිමා කිරීමට සිදුව ඇති බව ද ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

දුම්රිය ධාවනාගාරවල සේවකයින් ද ඊයේ දිනයේ වැඩවර්ජනයක නිරත වූයේ සේවයට වාර්තා කිරීම සඳහා සිය පෞද්ගලික වාහනවලට ඉන්ධන ලබාදි‍මේදි ඇතිවූ ගැටලුවක් මුල් කර ගනිමිනි.

මේ අතර ඉන්ධන හිගය හේතුවෙන් සේවකයින්ට සේවාවලට වාර්තා කිරීමේදී ගැටලු රැසක් මතුව ඇති බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් මහතා පැවසුවේ, මේ හේතුවෙන් බොහෝ දුම්රිය අද උදෑසන අවලංගු කිරීමට සිදුවන බවයි.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *