BREAKING NEWS
Search

සජිත්, අනුර එක්ක වැඩ කරන්න රනිල් කැමැත්ත දෙයි

9164

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන වගා සංග්‍රාමය සදහා එක්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනතාවට අවශ්‍ය ආහාර ලබාදීම රජයේ වගකීම බව කී අග්‍රාමාත්‍යවරයා අසීරු මොහොතේ මුළු රටම එකතු කරගෙන ඉදිරියට යා යුතුව තිබෙන බවද සඳහන් කළා.

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම ආහාර සුරක්ෂිතතා කමිටුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ වගා සංග්‍රාමය සැලසුම් එන සතියේ දී සකස් කර අවසන් වුව හොත් කැබිනට් මණ්ඩලයට එම සැලසුම ඉදිරිපත් කර අදාල අනුමැතිය ලබා ගැනීමට ඇමැතිවරුට හැකියාව ලැබෙන බවයි.

එම සැලසුම සුමාන දෙක තුනකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

එම සකාච්ජාවට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර ඇතුළු මැතිඇමතිවරුන් සහ නිලධාරින් පිරිසක්ද එක්ව සිටියා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *