BREAKING NEWS
Search

අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීමට රු. බිලියන 200ක්

367

දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම වැඩපිළිවෙල යටතේ රටේ සිටින සියලු‍ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක් පවුලකට රුපියල් 7500- රු. 10,000 දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිතයි.

දැනට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය සැළකිල්ලට ගෙන ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසැල්වල සිටින සියලු‍ම දරුවන්ට පෝෂ්‍යදායි ආහාරවේළක් සැපයීමට ද ජීවන වියදම් කමිටුව විසින් අවධානය යොමු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

Source:Hirunews

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *