BREAKING NEWS
Search

යාපනයේ ජනතාව අශ්ව සහ ගොන් කරත්තවලට බසී

552

ඉන්ධන හිඟයත් සමඟ ජනතාව සිය ගමනාගමනය සඳහා විකල්ප ක්‍රමවේදයන් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබෙනවා.

ඔවුන් ඉන් එක් ක්‍රමවේදයක් ලෙස තෝරාගෙන ඇත්තේ පාපැදිය යි.

එවන් පසුබිමක යාපනය ප්‍රදේශයේ ජනතාව ප්‍රවාහන මාධ්‍යයක් ලෙස අශ්ව සහ ගොන් කරත්ත භාවිතයට යොමුව ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එහි දී අශ්ව කරත්ත සඳහා පවතින්නේ ඉහළ ඉල්ලුමක්.

ඉන්ධන අර්බුදයත් සමඟ කොළඹ ඇතුළු සියලු ම නගරබද පාසල් වසා දමා ඇති පසුබිමක යාපනයේ සිසුන් පාසැල්වලට පැමිණෙන්නේ පාපැදිවලින්.

ඉන්ධන අර්බුදයත් සමඟ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවද පාපැදියට යොමු වී ඇති අතර එය යළිත් මහ මඟට එක්වීමත් සමඟ සිදු වන රිය අනතුරු ප්‍රමාණය ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *