BREAKING NEWS
Search

පොල්තෙල් වලින් බයෝ ඩීසල් හැදූ තරුණයාගේ සිහිනය සැබෑ වෙන ලකුණු

460

ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පොල්තෙල් වලින් බයෝ ඩීසල් නිෂ්පාදනය කරනු ලැබූ තරුණයා සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දි තිබෙන බව වාර්තා වෙනවා.

පානදුර ප්‍රදේශයේ පදිංචි දිලින දක්ෂිල නැමති 23 හැවිරිදි මෙම තරුණයාට අග්‍රාමාත්‍යවරයා විසින් දුරකතන ඇමතුමක් ලබා ඒ පිළිබඳ කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, තරුණයා විසින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ පිළිබඳව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහය ලබා ගන්නා ලෙස ද දැනුම් දී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් දිළිණ දක්ශිල තරුණයා පවසා ඇත්තේ තමන් සිදු කළ පෞද්ගලික මට්ටමේ පරීක්ෂණ අනුව සිය නිෂ්පාදනය ලෝක සම්මත වලට අනුකූල බවත් සාමාන්‍ය ඩීසල් ලීටරයකින් යා හැකි දුර මෙන් සියයට දහයක දුරක් මෙම බයෝ ඩීසල් වලින් යා හැකි බවත් තහවුරු වූ බවයි.

බයෝ ඩීසල් යොදා ගැනීමේදී වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව අඩු යැයි තමා සොයා ගත් බව දිළිණ දක්ශිල තරුණයා අගමැතිවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ නිසා බයෝ ඩීසල් භාවිතය ආර්ථික අතින් මෙන්ම පරිසර හිතකාමී අතින්ද වාසි දායක බවත් මෙම දිළිණ තරුණයා වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *