වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ නිවසේ තිබී යූරියා මිටි 400ක් හමු වී තිබෙනවා.
ඒ පෙරේ දා (09) ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන් හා පොහොට්ටුවේ ආධාරකරුවන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසුව යි.
කෙසේ වෙතත් මෙසේ සොයාගත් සියලු පොහොර මලු විරෝධතාකරුවන් විසින් ගොවීන්ට බෙදා දී ඇත්තේ, සරදියෙල්ගේ කතාව සිහිකරමින්.
මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසේ තිබී ගෑස් ටැංකි 80ක් ද හමු වී ඇති බව වාර්තා වනවා.
තව ද කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ නිවසේ ද ගෑස් ටැංකි 60ක් තිබී හමු වූ බව යි වාර්තා වන්නේ.
Source:Hirunews




















