BREAKING NEWS
Search

චමල් අයියාගෙන් මහින්ද මල්ලිට තීරණාත්මක පණිවිඩයක්

417

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා රාජපක්ෂ පවුලේ වැඩිමලා.

රාජපක්ෂ පවුලට එල්ල වන චෝදනා අතරින් අවම චෝදනා එල්ල වන්නේත් ඔහුට.

සොහොයුරාට පණිවිඩයක්

ඔහු සිය බාල සොහොයුරකු වන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට පණිවිඩයක් යවා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ ජනපති කාර්යාලයේ ඉහළම නිලධාරියෙකු අත.

එම නිලධාරියා කවුරුන්දැයි යන්න එළිදරව් නොවුනත් ජනපති කාර්යාලයේ සේවය කරන ඉහළම නිලධාරීන් අතුරින් අග්‍රාමාත්‍යවරයාට වඩාත් සමීප නිලධාරියෙක් සිටිනවා.

ඒ වත්මන් ජනපති ලේකම් ගාමිණී සෙනරත් මහතායි.

ලබා දුන් පණිවිඩය

එම නිසා චමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දෙන ලෙස ලබා දුන් අදාළ පණිවිඩය ලබා දුන්නේ ගාමිණී සෙනරත් මහතාට බව අනුමාන කිරීමට පුළුවන්.

එම පණිවිඩයෙන් කියවුණේ මෙවැන්නක්.

තමාගේ සහෝදරවරුන්ට ගැහුවට ප්‍රශ්නයක් නැති මුත් මහින්ද මල්ලිට ගහන විදිය තමන්ට දරාගැනීමට බැරි බවයි.

ඒ නිසා මහින්ද මල්ලිට අගමැති ධූරයෙන් ඉවත්වන ලෙස දැනුම් දෙන ලෙසටයි එම පණිවිඩයේ සඳහන් වී තිබුණේ.

ආණ්ඩුවෙන්ම කෙරෙන බලපෑම

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වන ලෙස දැඩි බලපෑම් එල්ල වී තිබෙන්නේ ආණ්ඩුවේම ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් වෙතින්.

ඒ වත්මන් අර්බුදයට යම් පිළියමක් සෙවීම සඳහා රාජපක්ෂවරුන් නොවන නව අග්‍රාමාත්‍යවරයා යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහායි.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *