BREAKING NEWS
Search

සියඹලාපිටිය ඉවත් වෙයි. මැතිසබේට නව නියෝජ්‍ය කතානායකවරයෙක්

269

නියෝජ කතානායක රංජිත් සියඹලාපිටිය මහතා එළඹෙන සිකුරාදාවෙන් අනතුරුව පාර්ලිමේන්තු කාර්යභාරය ද ඉවත් වන බව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව එළඹෙන සැසිවාරයේ පළවෙනි කර්තව්‍ය ලෙස නියෝජ්‍ය කතානායකවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට සිදුවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

නව නියෝජ්‍ය කතානායකවරයකු පත් කිරීම පාර්ලිමේන්තුවේදී ලබන මස 4 වෙනිදා සිදුකෙරෙනු ඇති.

නියෝජ්‍ය කතානායක තනතුර සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉදිරිපත් වුවහොත් ඡන්ද විමසීමක් එදින පැවැත්වීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

මේ අතර තමා නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කරන්නේ ලබන 19 සිට 22 දක්වා පමණක් බව රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ගත් තීරණයත් සමග රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.

පවතින අර්බුදකාරී තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් අනුව සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායක ධූරය යළි බාර ගත්තා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *