BREAKING NEWS
Search

හාල් කිලෝව රු200 පනී

198

සහල් මිල ගණන් දරාගත නොහැකි මට්ටමක ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයින් පවසනවා.

මේ වනවිට සාමාන්‍ය වෙළඳපොලේ සහල් කිලෝවක අවම මිල රුපියල් 200 – 240 ඉක්මවා ගොස් ඇතැයි ද ඔවුන් පෙන්වා දෙනවා.

ඒෂියන් මිරර් කළ සොයා බැලීමකදී දැක ගත හැකි වූයේ සතොස සහ සුපිරි වෙළෙඳසැල්වලද සහල් හිඟයක් පවතින බවයි.

සුපිරි වෙළෙඳසැල්වලද රු 180 මිලකට පුන්නි සම්බා සහල් කිලෝවක් අලෙවි කරන අතර එය ලබා දෙන්නේ එක් අයෙකුට කිලෝ 3ක් පමණයි.

සතොස හරහා සහන මිලට සහල් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව පැවසුවද සතොස සහල් හිඟයක් ඇතිව තිබෙනවා.

සහන මිලකට සතොස වෙළඳසල් මගින් සහල් අලෙවි කෙරෙන බව වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළද ආනයනික සහල්  ඉල්ලුමට සරිලන ලෙසින් නොමැති බව සතොස වෙළඳසල් කිහිපයකින් කළ විමසීමේදී දැනගන්නට ලැබුණා.

දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි සතොස වෙළඳසල්වල සහල්, වියළි මිරිස් ඇතුලු භාණ්ඩවල හිොඟයක් පවතින ආකාරයක් දක්නට ලැබෙනවා.

ඇතැම් සමූපකාර වෙළඳසල්වල දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 200ක මිලකට අලෙවි කෙරුනු ආකාරයක් දක්නට ලැබුණා.

මෙම  තත්ත්වය සැලකිල්ලට ගෙන සහල් ආනයනය කොට හෝ පාලන මිලක් නියම කරමින් මිල ගණන් අඩු කිරීමට රජය කටයුතු කළ යුතු බව පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *