BREAKING NEWS
Search

ඇමැති මණ්ඩලය පත් කිරීමත් සදුදාට කල්යයි

194

කැබිනට් මණ්ඩලයෙ ඉතිරි පුරප්පාඩු පිරවීම තවදුරටත් කල් යන බව වාර්තා වනවා.

එම පුරප්පාඩු පිරවීම ඊයේ (8) සිදු කරන බවට ප්‍රවෘත්ති පළ වුවත් ඒ සිදු වූයේ නැහැ.

ස්වාධීන මන්ත්‍රී යෝජනා

ඊයේ (8) පුරප්පාඩුව තිබෙන ඇමති දුර සඳහා මහජන නියෝජිතයින් පත් නොකළේ ආණ්ඩුවේම ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම විසින් ලබාදුන් යෝජනාවලියක් ජනපතිවරයා විසින් සැලකිල්ලට ගැනීම නිසා බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වන විට ඇමති මණ්ඩලය ඉල්ලා අස් වී දින 6 ක් ගෙවී අවසන්.

දැනගන්න තිබෙන තොරතුරු වලට අනුව එළඹෙන 11 වැනි සඳුදා පුරප්පාඩුව තිබෙන ඇමති ධූර සඳහා මහජන නියෝජිතයින් පත් වීමට නියමිතයි.

අර්බුදකාරී අංශ

විශේෂයෙන්ම අර්බුදයකට ලක්ව තිබෙන විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍ර සඳහා වහාම ඒ පිළිබඳ දැනුමක් ඇති ඇමැතිවරයකු පත් කරන ලෙස එම ක්ෂේත්‍ර වලින් ඉල්ලීමක්ද කර තිබෙනවා.

ඇමැති මණ්ඩලය ඉල්ලා අස් වූ දිනට පසු දින එනම් ඉකුත් 4 වෙනිදා නව ඇමතිවරු 4 දෙනෙකු පමණක් දිවුරුම් දුන්නා.

ඒ අතරින් මුදල් ඇමතිවරයා ලෙස පත් වූ අලි සබ්රි මහතා ඉකුත් අඟහරුවාදා (5) ඉල්ලා අස් වන බව දැනුම් දුන්නද ඔහු තවදුරටත් එම ධූරයේ රැඳී සිටිනවා.

ඒ ජනපතිවරයාගේ ඉල්ලීම මත බවයි ඔහු ඊයේ (8) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *