BREAKING NEWS
Search

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් අද සාකච්ඡාවක

172
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් තුනෙහි සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔවුන් විශේෂ තීරණ කිහිපයකට එළැඹීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් පළමුව අද පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ඡා කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මෙම කණ්ඩායම් 3 ස්වාධීන වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සංයුතිය සැළකිය යුතු ලෙස වෙනස් වී තිබෙනවා.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ බහුතරය තවමත් පවතින්නේ ආණ්ඩුව සතුවයි.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පැවති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 159ක්.

කථානායකවරයාද ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බැවින් එම සංඛ්‍යාව පසුව සැළකුණේ 158ක් ලෙසින්.

පෙරේ දා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 41 දෙනකු ස්වාධීන වීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 117 දක්වා අඩු වී තිබෙනවා.

 Source:Hirunews



Leave a Reply

Your email address will not be published. Required fields are marked *