BREAKING NEWS
Search

පාසල්වල පෝෂණ වේලත් නවතින ලකුණු

224

මිල ඉහළ යාම් හමුවේ ළමයින් 200ට අඩු පාසල්වලට පෝෂණ ආහාර වේල අඛණ්ඩව ලබාදීම ගැටලුවක් වී ඇති බව එම ආහාර සපයනු ලබන සමෘද්ධිලාභී පවුල් පවසනවා.

සමෘද්ධිලාභීන්ට ආදායමක් උපයා ගත හැකි පරිදි එම පෝෂණ ආහාර වේල සඳහා ආහාර ලබාදීමට අවස්ථාව සලසා දී ඇති අතර මේ වන විට එක් ආහාර පාර්සලයකට ඔවුන්ට ලබාදෙන්නේ රුපියල් 30ක මුදලක්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සතියකට දෙවරක් බිත්තර ලබාදීම මෙන්ම සෑම ආහාර වේලක් සදහාම පළතුරු ලබාදීම ද එම ආහාර වට්ටෝරුව තුළ අනිවාර්ය කර තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින මිල වැඩිවීම් හමුවේ දැනටමත් කෑම පාර්සලයකට බිත්තරයක් ලබාදීම වෙනුවට ඇතැම් සැපයුම්කරුවන් පෙළඹී ඇත්තේ බිත්තර බාගයක් ලබාදීමටයි.

එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ද මෙම පෝෂණ ආහාරවේල අපේක්ෂාවෙන් පාසල් පැමිණෙන අවස්ථා පිළිබදව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා.

එවන් පසුබිමක් තුළ එම දරුවන්ට ලබාදෙන පෝෂණ ආහාර වේල අඛණ්ඩව ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබදව සැපයුම්කාර සමෘද්ධිලාභීන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පල කළා.

මේ අතර, ළමයින් 200ට අඩු පාසල්වලට පෝෂණ ආහාර වේලෙහි වට්ටෝරුව වෙනස් කිරීම සදහා මීට මාස කිහිපයකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබුණා.

ඒ, දැනට රුපියල් 30ක් වැය වන ආහාර වේලක් සඳහා රුපියල් 15ක මුදලක් වැය වන පරිදියි.

කෙසේ වෙතත්, පාසල් ළමයින් සඳහා ලබාදෙන පෝෂණ ආහාර වේලේ වැදගත්කම සම්න්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණය පිළිබඳ මහාචාර්ය රේණුක සිල්වා අදහස් පළ කළා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *