මේ දිනවල නිතර නිතර ටෙලි නිර්මාණයන්ගේ ප්‍රධාන චරිතයන්ගෙන් දක්නට ලැබෙන දක්ෂ ,ජනප්‍රිය, සුරූපී ,යොවුන් රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ.
සුරූපී රුව මෙන්ම දක්ෂතාවය නිසාම වැඩි වශයෙන් ප්‍රධාන චරිතයන්ට ආරාධනා ලැබීමට තරම් වාසනාවන්ත වන ඇය විටෙක දක්ෂතම නිළියට හිමි සම්මානය සහ ජනප්‍රියතම නිළියට හිමි සම්මානය යන ද්විත්වයම එකම සම්මාන උළෙලකදී හිමිකර ගැනීමට තරම් වාසනාවන්ත වනු ලබනවා.
ඒ වගේම පසුගිය දිනක පැවැති රයිගම් ටෙලි සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානයද හිමි කර ගනු ලබන්නේ ශලනි විසිනුයි.
මේ දිනවල විකාශය වන, බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන “චලෝ” ටෙලි නිර්මාණයේත්, “කියාදෙන්න ආදරේ තරම්” ටෙළි නිර්මාණයේත් ප්‍රධාන චරිතයන් නිරූපනය කරන ඇය ඒ හරහා බොහෝ ප්‍රේක්ෂක හොඳ ප්‍රතිචාර ලබන බවයි අපට දැනගන්න ලැබුණේ.

ඉතින් ඒ පිළිබඳව ඇය කියා සිටියේ මේ දිනවල ඇය මදක් මහත් වී සිටින නිසා පිරිපුන්ව ලස්සනට පේනවා ඇති බවත්, ඇය තම රුව රැකගැනීමට නිතර නිතර ජලය පානය කරන බව හා ජිම් යන එක ප්‍රධාන වශයෙන් සිදුකරන බවයි.
ඊට අමතරව එළවළු ,පලතුරු ආහාරයට එකතු කර ගන්නා බව හා මසකට සැරයක් නොවරදවාම සැලුන් එකට ගොස් රුව වඩන ප්‍රතිකාරයන් කරගන්නා බවයි ශලනි කියා සිටියේ.
ඒ වගේම සිතුවිලි වල පිරිසුදු කම ද අනෙක් බාහිර සත්කාරයන් මෙන්ම රුව රැක ගැනීමට ප්‍රධාන වශයෙන් බලපාන බවයි ඇය ගේ අදහස.
ඒ වගේම දේශීය ස්වාභාවික සත්කාරයන් විශ්වාස කරන ,දේශීයත්වයට මුල්තැන දෙන රංගන ශිල්පිනියක වන ඇය makeup නිසා සහ shootin වල දී හිරු එලිය නිසා සමට සිදුවන හානි යථා තත්ත්වයට ගැනීම,
ස්වාභාවික සත්කාර ලෙස කස්තුරි කහ, යෝගට් ,කිරි, සුදු හඳුන් ,වෙනිවැල්ගැට කුඩු ,දෙහි, කහ, කඩල පිටි වැනි ස්වාභාවික අමුද්‍රව්‍යයන් ගෙන් සාදාගන්නා ආලේපණ ද භාවිතා කරන බවයි කියා සිටියේ.
ඉතින් බොහෝ තරුණියන් අනුකරණය කිරීමට උත්සාහ දරන, බොහෝ තරුණයන්ගේ සිහින කුමරිය වන මේ සුරූපි, යොවුන් රංගන ශිල්පිනිය ශලනි තාරකාගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ පැතුම් එක් කර සිටිනවා.
Source:Viral21news

















