BREAKING NEWS
Search

උඩින් යන්න පුලුවන් ජනපතිට අගමැතිට විතරයි. ඇමැතිවරුන්ට බෑ.

193

කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට පැමිණි බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විදේශීය රාජ්‍ය නායකයන්ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැඳී සිටින බවද හෙතෙම සඳහන් කළේය.

කැබිනට් හා කැබිනට් නොවන ඇමැතිවරුන්ට හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙයට පෙර සපයනු ලැබීය.

මේ අතර හිටපු ඇමැතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතු රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.

Source:මව්රට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *