BREAKING NEWS
Search

අවුරුදු එක හමාරේදි ගිනස් පොතට ගිය පුංචි බෝනික්කී

320

ඉතාමත් ළාබාල වයසකදී එනම් අවුරුදු එක හමාරක් පමණ වයස ඇති පුංචි දියණියක් ගිනස් පොතට යෑමට තරම් දස්කම් දක්වන්නට සමත් වී තිබෙනවා.

ඇය අපේ රටේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ෆස්මීර් අයිරින් දියණියයි.

අයිරින් දියණියට මාස හයක් පමණ වන විට ඇය අපූරු දක්ෂතා දක්වන්නට වූ අතර ඉතාමත් හොඳ මතකයක් ඇය සතුව වනවා.

ඇය සතු මතකය කොතරම්ද කියනවා නම් වයස අවුරුදු එකහමාරක් වන මේ හුරතල් දියණිය පක්ෂීන් විශේෂ 73 ක නම්, අපේ රටේ ජාතික නායකයින් 25 දෙනෙකු සහ රූප මතකයේ තබා ගැනීමේ හැකියාව පවතිනවා.

ඇය එසේ විවිධ රූප සහිත කුඩා කාඩ්පත් 500 ක් පමණ මිනිත්තු 7 තප්පර 6 ඇතුළත හඳුනා ගැනීමේ හැකියාව ඇය සතු වන අතර මේ ඔස්සේ ඇය ලෝක වාර්තාවක් වාර්තාවක්ද තබන්නට සමත් වෙනවා.

මේ පුංචි දියණිය කොතරම් දක්ෂ ද කියනවා නම් ඇය ආසියාවේ වාර්තා පොතට ද ඇතුළත් වන්නට තරම් ඇය දක්ෂ වනවා.

Source :Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *