BREAKING NEWS
Search

පක්ෂ 11හේ නායකයින් මහ නාහිමිවරුන් හමුවට

181

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොලහේ නියෝජිතයින් අද අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට නියමිත යි.

හවුල්කාර පක්ෂ නියෝජනය කරන ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ වැඩබලන සභාපති වීරසුමන වීරසිංහ කියා සිටියේ “මුළු රටම හරි මඟට” ජාතික වැඩපිලිවෙල මහ නාහිමිවරුන් වෙත මෙහිදී ඉදිරිපත් කරන බවයි.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් එක්වනවා.

කෙසේ වෙතත්, අප කළ විමසීමක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ, මෙම අවස්ථාවට තම පක්ෂයේ නියෝජිතයෙකු සහභාගි නොවන බවයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *