BREAKING NEWS
Search

අමෙරිකාවේ නුලාන්ඩ්-ලූ-ඩෝරි අද ලංකාවට

220

උප ලේකම් නුලන්ඩ් මහත්මිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කලාපීය සහ ද්විපාර්ශ්වික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ අධීක්ෂණය කරනු ලබයි.

මෙම සංචාරයේදී උප ලේකම්වරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස්, සහ විදේශ ලේකම් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් හමුවීමට නියමිතව ඇත.

අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ උප ලේකම් නුලන්ඩ් මහත්මිය හෙට විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරයේ සම සභාපතිත්වය දරනු ඇති.

විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ, නුලන්ඩ් මහත්මිය කොළඹ වරායේ සංචාරයක යෙදී, ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය ද හමුවීමට නියමිත බවයි.

ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදය අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ වොෂින්ටන්හිදියි.

මෙම හවුල්කාරිත්ව සංවාදය ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන මාර්ග ගවේෂණය කිරීම සඳහා වැදගත් වේදිකාවක් වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ මහතා සහ ඉන්දු – පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩෝරි මහත්මිය ද උප ලේකම් නුලන්ඩ් මහත්මිය සමග මෙම සංචාරයට එක්ව සිටිති

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *