මගේ නම අයෝද්‍යා සත්සරණී. උසස් පෙළ හැදෑරුවේ හලාවත මැදගම පාසලේ. සාමාන්‍ය පෙළ ආනන්ද ජාතික පාසලේ. මම මනේවිද්‍යා උපදේසිකාවක්.ඒ වගේම ස්පොකන් ඉන්ග්ලිෂ් කරන ටීචර් කෙනෙක්. මට තාම අවුරුදු 22 යි.
මේ වීඩියෝ එක ශෙයාවෙලා තිබ්බේ මොන්ටිසෝරි ටීචර් කෙනෙක් කියලා. මේක ඇත්තටම ඇකඩමි එකක්. අවුරුදු 03 ට වැඩි සියලු දෙනා සදහා ස්පොකන් ඉන්ග්ලිෂ් කරන ආයතනයක්. මේක මගේ ඇකඩමි එකක්. මම මේක පටන්ගන්න ඉස්සෙල්ලා ඉන්ටර්නැෂනල් පාසැල් ගොඩක උගන්නලා තියෙනවා. මට ටික කාලයකින් ඒ ජොබ් එක එපා උනා. මගේ ඇකඩමි එකේ පැය දෙකෙන් ඉන්ග්ලිෂ් උගන්නවා. වයස් සීමාවක් නැහැ. අම්මලට උනත් එකතු වෙන්න පුළුවන්. අපි ප්‍රැක්ටිකල් කරනවා. ඔන්ලයින් උනත් සම්බන්ධ වෙන්න පුළුවන්.මම ලගදි මොන්ටිසෝරියක් පටන් ගන්න යන්නේ.
මම ටීචර් කෙනෙක් වෙන එක ගැන ආසාවක් ආවේ ඕලෙවල් ලියලා ගෙදර ඉන්න දවස් වල. මම ඕලෙවල් ලියලා ගෙදර ඉන්න දවස් වල අවට ගෙවල් වල ළමයින්ට ටියුසන් කළා. මම හරි ආසයි සාරි ඇදගෙන රැකියාවකට යන්න.මම උසස් පෙළ හදාරනකොට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න උනා.මගේ තාත්තා ආමි එකේ ඉන්නේ. තාත්තා වැඩිය ගෙදර එනවා අඩුයි. මගේ ලගින්ම හිටියේ සියා. ගොඩක් අය හිතන්නේ සියා තමයි මගේ තාත්තා කියලා. ඒ දවස් වල සියා නැති උනා. මම මානසිකව වැටුනා. මම පවුලේ එකම ගැහැණු ළමයා. ගෙදරින් මට රැකියාවකට යන්න කියලා බල කලේ නැහැ. මම දැන් ඒ ගත වුනු කාලය ගැන දුක් වෙනවා. මම පස්සේ ළමයින්ට උගන්නන පටන් ගත්තා. මට මගේ වියදම් වලට සල්ලි අවශ්‍ය වුනා. ගෙදරින් සල්ලි දුන්නත් මම කැමති උනේ නැහැ එයාලගේ සල්ලි වලින් හැමදාම ජිවත් වෙන්න. මම ලෙසන්ස් ප්ලෑන්ස් හදලා අවට ටිචර්ස්ලට පොඩි ගානකට විකුනවා.
මම ෆෙමස් වෙන්න කියලා හිතලා කරපු වීඩියෝ එකක් නෙමේ ඒ වීඩියෝ එක. මගේ යාලුවෙක් ඉන්නවා ෆොටෝග්‍රෆා කෙනෙක් එයා ඔය වීඩියෝ එක එයාගේ ෆෝන් එකෙන් ගත්තු වීඩියෝ එකක්. මට විශ් කරන්න එයා ස්ටේටස් එකක් දාලා ඒක තමා ඒ විදිහට වයිරල් වෙලා තිබ්බේ. මම ළමයින්ට ගොඩක් ආදරෙයි. මම කාටවත් සැර කරන්නේ නැහැ. ඒ ළමයි ක්ලාස් එකේ ඉන්නකොට සතුටින් ඉන්න ඕනේ. අපි පොඩි කාලේ ක්ලාස් වලට ගියේ අම්මලා බල කරලා යවපු නිසා මිසක් කැමැත්තෙන් නෙමේ. ළමයින් ආසාවෙන් ක්ලාස් එකට එන්න ඕනේ. මම මනෝ විද්‍යාව ඉගෙන ගෙන තියෙන නිසා ළමයින්ට මම ගහන්නේ බනින්නේ නැහැ.
මගේ විනෝදාංශය තමා බයික් පදින එක. මගේ තාත්තා ඉස්සර ලොකු බයික් ගේනවා පදිනවා.මමයි මගේ මල්ලියි බයික් පදින්න ගන්නේ ඒ නිසා. මගේ මල්ලි රුසිරු. තාත්තා දැන් ලංකාවේ නැහැ. දැන් මල්ලි බයික් ගේනවා. අපි දෙන්නම පදිනවා.
මේ ගමන ලේසි නැහැ. මෙතනට එන්න ලොකු කට්ටක් කැවා. ටීචර් කෙනෙක් කියන්නේ තව කෙනෙක්ගේ ඇස් පාදන කෙනෙක්. මේ ගමනේදී මට උදව් කරපු අය වගේම වට්ටපු අයත් හිටියා. මම සමහර දවස් වලට රෑ 10 වෙනකන් ක්ලාස් කළා. මල්ලි මගේ තනියට ඒ හැමවෙලේම හිටියා. සමහර අම්මලා තාත්තාලා හිතනවා අපේ ළමයි මොකුත් කරන්න ඕනේ නෑ අපි හම්බ කරපුවා තියෙනවා කියලා. ඒත් එහෙම හිතන්න එපා. ඔයාලා නැති උනොත් ළමයා අසරණ වෙනවා.
ආදරය එක එක්කෙනා දකින විදිහ අනුව වෙනස් වෙනවා. ගැහැණු ළමයි කියලා ඔයාලා හිරවෙලා ඉන්න එපා.ඔයාලගේ හීනවලට යන්න.
Source:ASHAN online
















