BREAKING NEWS
Search

කරීනා කපූර්ගේ බාල පුතු බේබි ජේ අලි ඛාන්ගේ පළමු උපන්දිනය සැමරූ හැටි

290
සයිෆ් අලි ඛාන්ගේ හා කරීනා කපූර්ගේ බාල පුතු වන ජේ අලි ඛාන්ගේ උපන්දිනය පසුගියදා පැවැත්විණි. එහිදී ලබාගත් ඡායාරූප කරීනා කපූර් සේම සයිෆ් අලිඛාන්ගේ පෙර විවාහයේ දියණිය වන සාරා අලිඛාන් සමාජ මාධ්‍යජාලාවලට මුදා හැර තිබිණි.
 එම ඡායාරූප අතරින් වඩාත් ජනප්‍රිය වී තිබුණේ සයිෆ් අලිඛාන් ඔහුගේ දරුවන් සිව්දෙනා සමඟ ගත් ඡායාරූපයයි.
සාරා, ඉබ්‍රාහිම්, තයිමූර් හා ජේ සමඟ ගත් මේ ඡායාරූපය සාරා සිය ඉන්ස්ටගෑම් ගිණුමේ පළ කර තිබුණේ ‘හැපියස්ට් ෆර්ස්ට් බර්ත්ඬේ බේබි ජේ’ යන සටහන සමඟිනි.
 එය පළ කළ සැණින් ඇගේ රසික රසිකාවියන්ගෙන් නොනවත්වා ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්හ. බොහෝ දෙනෙකු එයට හදවත් ඉමොජි යොදාගෙන තිබිණි. එම ඡායාරූපය බොහෝ සුන්දර බවත්, ඇය ඉතා සුන්දර බවත් සඳහන් අදහස් රැසක්ද එහි පළවිණි.
‘බූත් පොලිස්’ චිත්‍රපටය හරහා සයිෆ් අලිඛාන් අවසන් වරට පෙනී සිටි අතර කරීනා කපූර් බලා සිටින්නේ අමීර් ඛාන්ගේ ලාල් සින්ග් චද්දා චිත්‍රපටිය තිරගත කරන තුරුය. සාරා අලි ඛාන් ආනන්ද එල් රායිගේ චිත්‍රපටියක් වන අට්රන්ගි රේ චිත්‍රපටියේ පෙනී සිටියාය.
Source:සාරවිට



Leave a Reply

Your email address will not be published. Required fields are marked *