BREAKING NEWS
Search

අනිත් අයට පොඩි දෙයක් උනාට, අනේ මංදා මට හිතට සැනසීමයි

209

අද අපි කතා කරන්න යන්නේ තමන්ට ආවේණික වූ හඬ පෞරුෂයක් හිමි තරුණ ගායිකාවක් ගැනයි. ඇය නමින් ශානිකා මදුමාලි. ගායන ශිල්පිනියක් විදියට ඇයව ගොඩක් දෙනා හොඳින් හඳුනන චරිතයක්. ගායනය අතින් ගොඩක් ජනප්‍රිය කෙනෙක් වුණත් ඇය ක්ෂේත්‍රය තුළ නම් ඉතාම නිහඬ වයි කල් ගෙවන්නේ.

ඇයව පසුගිය දිනවල අපට සමාජ මාධ්‍ය තුළින් බොහෝ සෙයින් දැකගන්නට ලැබුණා. කේක් ඇගේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළීමත් එක්කයි. ඒ ඇය විවාහ දිවියට එළැඹීමත් එක්කයි. ඉතින් අලූත විවාහ වුණු ශානිකා මධුමාලි සහ ඇගේ සැමියාට කලා ක්ෂේත්‍රයේ වගේම රසික රසිකාවියන්ගෙන් බොහෝ සුභ පැතුම් ලබා ගන්නට ඇය සමත් වුණා. ඉතින් මේ දිනවල ඇය ගැන කතා වෙන්නේ ඇගේ අලුත්ම ගීතයක් ප්‍රේක්ෂකයන්ට බලන්න සලස්වපු එකයි. ඉතින් ශානිකා මධුමාලි ගෙ අලුත් ගීතය එළි දක්වා තිබුණේ ඇගේ youtube නාලිකාව හරහායි. ඉතින් ඒ පිළිබඳව ඇය ඇගේ මුහුණු පොතේ අමුතු සටහනක් පල කරලා තිබුනා.

‘10.000 subscribers Thank u so much. යන ගමන හෙමින් යනකොට හිතට සැනසීමයි. අනිත් අයට පොඩි දෙයක් උනාට අනේ මන්දා මට නම් මේක ගොඩක් වටින දෙයක්. පුළුවන් අය subscribe කරලා තියාගන්න’

Source:සාරවිට 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *